Home උණුසුම් පුවත් සයිබර් අපරාධවලට ගොදුරු වන ළමුන් හා කතුන්ට යුක්තිය ඉටුකරන්න බලකෙරෙන ඔන්ලයින් පෙත්සමක්

සයිබර් අපරාධවලට ගොදුරු වන ළමුන් හා කතුන්ට යුක්තිය ඉටුකරන්න බලකෙරෙන ඔන්ලයින් පෙත්සමක්

සයිබර් අපරාධවලට ගොදුරු වන ළමුන් හා කතුන්ට යුක්තිය ඉටුකරන්න බලකෙරෙන ඔන්ලයින් පෙත්සමක්

‘ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකමු’ යන මැයෙන් ඔන්ලයින් පෙත්සමක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

සයිබර් අපරාධයන්හි ගොදුරු බවට පත්වීමෙන් අසාධාරණයට ලක්ව සාධාරණය ඉටු කරගැනීමට අවැසි පසුබිමක් නොමැතිවීම හේතුවෙන් නිහඬවම සියලු වේදනාවන් විඳදරාගන්නා සමස්ත මවුවරුන්, දියණියන් සහ සහෝදරියන් වෙනුවෙන් යුක්තිය ඉටුවන පසුබිමක් නිර්මාණය සඳහා වගකිව යුත්තන්ට බලකිරීම වෙනුවෙන් මෙම ඔන්ලයින් පෙත්සම ප්‍රකාශයට පත්කර ඇත.

ඒ සඳහා අත්සනකින් දායක වන්නැයි සයිබර් අපරාධවලට එරෙහි කාන්තාවන් හා ළමුන් ආරක්ෂා කිරීමේ සන්ධානය ඉල්ලා සිටී.

මෙම ඔන්ලයින් පෙත්සමට ඔබ‍ගේ නම, ඊ-මේල් ලිපිනය හා ඔබ වෙසෙන ප්‍රදේශයේ නම සටහන් කර sign this petition ක්ලික් කිරීමෙන් මේ සඳහා ඔබට දායක විය හැකිය.

ශ්‍රී ලාංකීය කාන්තා හා ළමා පරපුර සයිබර් අපරාධවල ගොදුරු බවට පත්වීම වලකමු !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here