තවත්
    මුල් පිටුවදේශීය පුවත්පාස්කු විමර්ශන උඩින්පල්ලෙන් කර කාපට් එක යට නොදාන්නැයි කාදිනල් හිමියෝ රජයෙන් ඉල්ලති

    පාස්කු විමර්ශන උඩින්පල්ලෙන් කර කාපට් එක යට නොදාන්නැයි කාදිනල් හිමියෝ රජයෙන් ඉල්ලති

    “පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන උඩින්පල්ලෙන් කරලා කිහිප දෙනෙකුව උසාවියට ගෙනල්ලා මේ කාරණාව ඉවරයි කියලා ඒක කාපට්එක යට දාන්න කටයුතු කරන්න එපා.“ යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති.

    අගරදගුරු නිල නිවසේ අද පැවැති මාධ්‍ය හමුවකදී කාදිනල් හිමියෝ එම ඉල්ලීම කළහ.

    “නඩු 20ක් 30ක් දාලා ජනතාව සතුටු කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හෝ ඒ ආයතන හිතනවා නම් ඒක තමන්වම රවට්ටා ගැනීමක් පමණයි. අපි මේ අරගලය මෙතනින් නිමා කරන්නේ නැහැ.” යනුවෙන්ද කාදිනල් හිමියෝ එහිදී අවධාරණයෙන් සදහන් කළහ.

    “ අපි බලාපොරොත්තුවෙනවා මීට වඩා සක්‍රීය විමර්ශනයක්. පාස්කු ප්‍රහාරය පිළිබඳ තත්ත්වය රටේ ආරක්ෂාවට ලොකු බාධාවක් යන නිගමනයෙන් තමයි අපි හිටියේ. ඒ පිළිබඳව අපි හැම දේශපාලන පක්ෂවලට දැන්වූවා. අපේ හිතේ තියෙන දුග්ගැනවිලි ඉදිරිපත් කලා. අද වෙනතුරු අපිට සෑහීමකට පත්විය හැකි ආකාරයෙන් මෙම විමර්ශන සිදුකරනවා කියලා අපිට කියන්න බැහැ.“ යැයිද කාදිනල් හිමියෝ සදහන් කළහ.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන තත්ත්වයන් විහ්‍රහ කිරීමකින් පසු ඒ ගැන අදහස් ඇතුලත් ලියැවිල්ලක් සකස්කර ඇති බවත් අද එය ජනාධිපතිවරයා වෙත යොමුකරන බවත් මෙම මාධ්‍ය හමුවේදී කාදිනල් හිමියෝ සදහන් කළහ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img