Home උණුසුම් පුවත් බොරු පුවත් දාන වෙබ් අඩවිවලට එරෙහිව නීති පැනවේ

බොරු පුවත් දාන වෙබ් අඩවිවලට එරෙහිව නීති පැනවේ

බොරු පුවත් දාන වෙබ් අඩවිවලට එරෙහිව නීති පැනවේ

සාවද්‍ය පුවත් ප්‍රචාරය කරන වෙබ් අඩවි සම්බන්ධයෙන් පැහැදිලි නියාමනයක් අවශ්‍යය බව කැබිනට් ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්මවිනි.

15 හැවරිදි දැරිය අපයෝජනය කිරීම සම්බන්ධ සිද්ධියේදී නීතියේ ප්‍රතිපාදන අකුරටම ක්‍රියාත්මක කළ යුතු බවද, මේ වන විට එම වැඩපිළිවෙල නිසි ආකාරව සිදුවන බව ද අමාත්‍යවරයා කීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, සිද්ධියට සම්බන්ධ නොවන වෛද්‍යවරුන්ගේ නම් ඈදා ගනිමින් ඇතැම් වෙබ් අඩවි අසත්‍ය පුවත් ප්‍රචාරය කරමින් සිටින බව කීය

මෙවැනි සිද්ධීන් මගින් පවුල් විනාශ විය හැකි අතරම මිනිසුන්ගේ ආත්ම ගරුත්වයට පවා විශාල ලෙස හානි වන බැවින් මෙරට මිනිසුන්ගේ ආත්ම ගරුත්වය රැකීම සදහා මෙවැනි සාවද්‍ය පුවත් පළකරන වෙබ් අඩවි සදහා අනිවාර්යයෙන්ම පැහැදිලි නියාමනයක් අවශ්‍ය බව ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මාධ්‍ය නාළිකා සියල්ල ජනතාව සතු දේපළක් මිස කාගේවත් පෞද්ගලික බූදලයක් නොවන බවද කී අමාත්‍යවරයා, යම් ගැටලුවක් ඇතිනම් එය විසදාගැනීමට නීති උපදෙස් ලබාගනිමින් නීතියේ රාමුව තුළ ක්‍රියාත්මක වන බවද පැවසීය.

ජනතාව සතු දේපළ භාවිතා කරමින් රටේ සාමය නැති කිරීමට කතා කරන්නේ නම්, ජාතීන් අතර අසමඟිය ඇති වන ලෙස කතා කරන්නේ නම්, එවැනි අවස්ථාවලදී නියත වශයෙන්ම නීතියේ රාමුව තුළ ක්‍රියාත්මක වීමට මාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් තමා පසුබට නොවන බවද, ඒ වෙනුවෙන් නීතියේ රාමුව තුළ හිදිමින් ව්‍යවස්ථාවට ගරු කරමින් කටයුතු කිරීම තමාගේ වගකීමක් සහ යුතුකමක් බව ද අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here