Home උණුසුම් පුවත් බස් ගාස්තු පහළට -ටැක්සි ගාස්තු අඩුකරන්න බැරිලු

බස් ගාස්තු පහළට -ටැක්සි ගාස්තු අඩුකරන්න බැරිලු

බස් ගාස්තු පහළට -ටැක්සි ගාස්තු අඩුකරන්න බැරිලු

ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පැවසුවේ, ඊට අදාළ ගණනය කිරීම් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව අද දිනය ඇතුළත නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බව ඇය පැවසුවාය.

කෙසේ වෙතත්, ත්‍රිරෝද රථ ගාස්තු අඩු වීමක් සිදුනොවන බව, සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමිකරුවන්ගේ හා රියදුරන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සුදිල් ජයරුක් මහතා සදහන් කළේ, පෙට්‍රල් මිල රුපියල් 300 ට වඩා අඩු වීමක් සිදුවන්නේ නම් පමණක් ගාස්තු අඩු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here