Home උණුසුම් පුවත් කුකුළු මස් මිල අඩුවෙයි

කුකුළු මස් මිල අඩුවෙයි

කුකුළු මස් මිල අඩුවෙයි

ඉදිරි සති දෙකක කාලය තුළ, කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100ත්,150ත් අතර මුදලකින් අඩු විය හැකි බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය පවසයි.

කුකුළු මස් කිලෝවක සිල්ලර මිල මේ වන විට රුපියල් 1000ත් -1100ත් අතර මිලක පවතින බව එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේ ය.

ඒ අනුව ඉදිරි දෙසතිය තුළදී මෙම මිල රුපියල් 900ත් රුපියල් 850ත් අතර මිලක් දක්වා පහත වැටිය හැකි ය.

මේ වනවිට කුකුළු මස් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස අඩු වී තිබෙන බවද නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here