Home උණුසුම් පුවත් 5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල දෙන දවස

5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල දෙන දවස

5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල දෙන දවස

05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රතිඵල දින 40ක් තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අද (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙවර විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,849ක් පැවැති බව ඔහු කීය.

ඒ සඳහා අපේක්ෂකයින් 323,841ක් පෙනී සිටියා. එමෙන්ම ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් දරුවන්ගෙන් විමසින් ඔවුන්ව පීඩාවට පත් නොකරන ලෙසටයි අමිත් ජයසුන්දර මහතා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළේ.

ශිෂ්‍යත්ව විභාගයේදී දරුවෙකුට යම් ආසාධාරණයක් හෝ ගැටලුවක් ඇතිවී ඇත්නම් ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දෙන ලෙසට ද ඉල්ලා සිටියේ ය.

කෙසේවෙතත් මේ දක්වා එවැනි අක්‍රමිකතාවයක් පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැති බව, කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here