Home දේශීය පුවත් උණුසුම් පුවත් විභාග කොමසාරිස්ගෙන් ජනපති අපේක්ෂකයන්ට විශේෂ ඉල්ලීමක්

විභාග කොමසාරිස්ගෙන් ජනපති අපේක්ෂකයන්ට විශේෂ ඉල්ලීමක්

විභාග කොමසාරිස්ගෙන් ජනපති අපේක්ෂකයන්ට විශේෂ ඉල්ලීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් සියලු ජනාධිපති ධුර අපේක්ෂකයින්ගෙන් හා ආධාරකරුවන්ගෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා ඉල්ලීමක් කර තිබේ.

ඒ විභාගය පැවැත්වෙන සැප්තැම්බර් මස 15 වැනිදා විභාග කාලසීමාව තුළ විභාගයට බාධාවන රැස්වීම්, පෙළපාළි මෙන්ම ශබ්ද විකාශන යන්ත්‍ර හරහා සිදුකරන මැතිවරණ ප්‍රචාරක කටයුතු නොකරන ලෙසයි.

විභාගය එදින උදෑසන 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව දැනුම්වත් කර ඇති අතර ඊට අදාළ චක්‍රලේඛය සියලු පොලිස් ස්ථාන වෙත ලබා දීමට නියමිත ය.

විභාග අපේක්ෂකයින් 3,23 879 දෙනෙක් සහභාගි වන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849ක පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here