Home උණුසුම් පුවත් වරායට ආ නිර්වින්දන ඖෂධ තොගය බෙදාහරියි

වරායට ආ නිර්වින්දන ඖෂධ තොගය බෙදාහරියි

වරායට ආ නිර්වින්දන ඖෂධ තොගය බෙදාහරියි

කොළඹ වරායට මේ වනවිට රැගෙනවිත් ඇති නිර්වින්දන ඖෂධ තොගය අද(15) දිනයේ සිට බෙදාහැරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එතෙක් පෞද්ගලික ආයතනවලින් අදාළ ඖෂධ මිලදී ගෙන සැත්කම් සිදුකරන්නැයි රෝහල් අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දුන් බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජි විජේසූරිය මහතා කීය.

ජාතික රෝහලේ ශල්‍යාගාරවල නිර්වින්දන ඹෟෂධ හිඟයක් පවතින බව වාර්තා විය.

ඒ හේතුවෙන් සැත්කම් අවලංගු කිරීමට සිදුව ඇති බව ද ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here