Home උණුසුම් පුවත් රජයේ විධායක නිලධාරීහු හෙට-අනිද්දා අසනීප වෙති

රජයේ විධායක නිලධාරීහු හෙට-අනිද්දා අසනීප වෙති

රජයේ විධායක නිලධාරීහු හෙට-අනිද්දා අසනීප වෙති

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ, වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් අසනීප නිවාඩු වාර්තා කරමිනි.

ඊට සමගාමීව හෙට දිනයේ කොළඹ දී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙන බව එම සංගමය පවසයි.

රජයේ දීපව්‍යාප්ත සේවාවලට සහ සමාන්තර දෙපාර්තමේන්තු ගත සේවාවලට අයත් 18,000ක් පමණ වන විධායක නිලධාරීන් හට බලපා ඇති වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා රජය මෙතෙක් කටයුතු කර නොමැති බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව චෝදනා කරයි.

මේ වන විටත් සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කටයුතුවලින් රජයේ විධායක නිලධාරීන් මේ වනවිට ඉවත් වී ඇති අතර දේශපාලඥයින් විසින් කැඳවනු ලබන රැස්වීම් ද වර්ජනය කර ඇති බව එම සංගමය කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here