Home උණුසුම් පුවත් ජනපතිවරණය අනිවාර්යයෙන්ම එන කාලය

ජනපතිවරණය අනිවාර්යයෙන්ම එන කාලය

ජනපතිවරණය අනිවාර්යයෙන්ම එන කාලය

සැප්තැම්බර් 17 – ඔක්තෝබර් 17 ත් කාලය තුළ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ලබන ජුලි මස අග හෝ අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළ එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා කීය.

මේ අතර නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (03) කොළඹට කැඳවා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, තෙදින වැඩමුළුවක් සඳහා ඔවුන් කොළඹට කැඳ වූ බවයි.

එළැඹෙන මැතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම එහි අරමුණයි.

මේ සඳහා මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයෙකුගේ ද සහය ලබා ගන්නා බව ද හෙතෙම සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here