Home උණුසුම් පුවත් පාසල් දැරියන්ට පෑඩ් ගන්න රජයෙන් වවුචර් (📹)

පාසල් දැරියන්ට පෑඩ් ගන්න රජයෙන් වවුචර් (📹)

පාසල් දැරියන්ට පෑඩ් ගන්න රජයෙන් වවුචර්  (📹)

එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හදුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ අ‍ටකට ආසන්න පාසල් දැරියන්ට ඒ අනුව සනීපාරක්ෂක තුවා බෙදාදීම‍ට පියවර ගන්නා බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටක් සඳහන් කළේ ය.

මේ සඳහා රජය විසින් වැය කිරීමට අපේක්ෂිත ප්‍රතිපාදනය රුපියල් බිලියනයක් පමණ වේ.

එක් වවුචර පතක ව‍ටිනාකම රුපියල් 1200ක් පමණ වන බව අමාත්‍යවරයා කියයි.

නිරෝගී සෞඛ්‍ය සම්පන්න පුරුදුවලින් පාසල් දරුදැරියන් සවිමත් කරමින් ආර්ථික අපහසුතා සහිත පවුල්වල දැරියන්ට සහාය ලබාදීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

පාසල් දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සදහා ද අවස්ථා සැලසීමට මෙමගින් අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here