Home උණුසුම් පුවත් වර්ජනයෙන් බහලුම් දහස් ගණනක් රේගුවේ සිරවෙයි

වර්ජනයෙන් බහලුම් දහස් ගණනක් රේගුවේ සිරවෙයි

වර්ජනයෙන් බහලුම් දහස් ගණනක් රේගුවේ සිරවෙයි

රේගු නිළධාරීන් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ආනයනික බහාලුම් 4,000ක් පමණ වරායේ සිරවී ඇතැයි බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, බහාලුම් ප්‍රවාහන කටයුතු මේ වනවිට සම්පුර්ණයෙන් ඇණහිට ඇති බවයි.

වර්ජනය අවසන් කළහොත් ගොඩ ගැසි ඇති බහාලුම් නිෂ්කාෂණය කිරීමට සති 3ක් හෝ 4ක් ගත වනු ඇතැයි සනත් මංජුල මහතා සඳහන් කළේ ය.

රේගු වෘත්තීය සමිති කිහිපයක් අතීකාල සේවාවලින් ඉවත්වී පසුගිය සිකුරාදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

ඒ, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ පවතින ගිණුමක් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමිනි.

වර්ජනයට රේගු නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරිවරුන්ගේ සංගමය සහ රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය එක්ව සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here