Home උණුසුම් පුවත් බඩු ගන්න ගිහින් ෂොපින් බෑග් නොගන්නා අයට දීමනාවක්

බඩු ගන්න ගිහින් ෂොපින් බෑග් නොගන්නා අයට දීමනාවක්

බඩු ගන්න ගිහින් ෂොපින් බෑග් නොගන්නා අයට දීමනාවක්

ෂොපින් බෑග් හෙවත් පොලිතින් මලු නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ.

සුපිරි වෙළෙඳසල්වලින් නිකුත් කරන පොලිතින් මලු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම වෙළෙඳසල් හිමියෝ පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගියදා කැඳවනු ලැබීය.

එම අවස්ථාවේ මෙම එකඟතාවට පැමිණ ඇති බව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම කීය.

මේ අනුව එලෙස දෙන දීමනාවේ ප්‍රමාණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීම සඳහා සුපිරි වෙළෙඳසල් හිමියන් ලබන 21 වැනිදා කාරක සභාවට කැඳවන බව ඔහු සඳහන් කරයි.

පොලිතින් සහ ප්ලාස්ටික් පාවිච්චිය අධෛර්යමත් කිරීමෙන් පරිසරය ආරක්ෂා කර ගැනීම මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අරමුණ බව ඔහු වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here