Home උණුසුම් පුවත් ජනපති අපේක්ෂකයා තෝරගන්න පොහොට්ටුව රැස්වෙයි

ජනපති අපේක්ෂකයා තෝරගන්න පොහොට්ටුව රැස්වෙයි

ජනපති අපේක්ෂකයා තෝරගන්න පොහොට්ටුව රැස්වෙයි

ඉදිරි දෙසතිය ඇතුළත තම පක්ෂයේ විධායක සභාව රැස්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ඒ, ඉදිරි ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වෙනුවෙන් පක්ෂය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්ය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එහි මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයින් හමුවීමද මේ දිනවල සිදුවේ.

පොදුජන පෙරමුණ සඳහන් කළේ, කණ්ඩායම් වශයෙන් ඔවුන් හමුවන බවයි.

එහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු මෙන්ම දිස්ත්‍රික්ක වශයෙන් මන්ත්‍රීවරුන්ට පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරෙන බව පොදුජන පෙරමුණ සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here