Home උණුසුම් පුවත් අස්වැසුම දෙවැනි අදියරට දෙලක්ෂ පනස්දාහක් ඉල්ලති

අස්වැසුම දෙවැනි අදියරට දෙලක්ෂ පනස්දාහක් ඉල්ලති

අස්වැසුම දෙවැනි අදියරට දෙලක්ෂ පනස්දාහක් ඉල්ලති

අස්වැසුම දෙවන අදියර සඳහා අයැදුම්පත් 250,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සෘජුවම ලබාදුන් අයැදුම්පත්‍ර Online ක්‍රමය ඔස්සේ මෘදුකාංගයට ඇතුළත් කිරීම මේ වනවිට සිදු කරමින් පවතින බවයි.

ඒ අනුව දෙවන අදියරේ අයැදුම්පත් කැඳවීම ලබන 15 වැනිදායින් අවසන් වනු ඇත.

අස්වැසුම සඳහා අලුතින් සුදුසුකම් ලබන පවුල් ලක්ෂ 24කට, ජුනි මාසයේ සිට ප්‍රතිලාභ ලබාදීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

2024 වර්ෂය සඳහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 205කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here