Home උණුසුම් පුවත් ඇමති මහින්ද අමරවීර ඉල්ලා අස්වෙයි?

ඇමති මහින්ද අමරවීර ඉල්ලා අස්වෙයි?

ඇමති මහින්ද අමරවීර ඉල්ලා අස්වෙයි?

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හෙට (30) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ බව ඔහු විසින් සන්ධාන සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොරොන්දු වී ඇති බව ද, එම අවස්ථාවට තිලංග සුමතිපාල මහතා ද සහභාගි වී ඇති බව පැවසේ.

මේ අතර ඔවුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහා නව මහලේකම්වරයෙකු පත් කිරීමට නියමිතයි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත් කොළය ඡන්ද ලකුණ යටතේ, ඉදිරි තීරණ ගැනීමට සූදානම් බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here