Home උණුසුම් පුවත් අලි මරවන බාල විදුලිවැටවල් සොයා පරීක්ෂණයක්

අලි මරවන බාල විදුලිවැටවල් සොයා පරීක්ෂණයක්

අලි මරවන බාල විදුලිවැටවල් සොයා පරීක්ෂණයක්

ප්‍රමිතියෙන් තොර විදුලිවැටවල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවස‍යි.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත එම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ප්‍රමිතියෙන් තොර විදුලි වැට හේතුවෙන් පසුගිය කාලය තුළ වන අලි මියයාම් වාර්තාවීමත් සමඟ මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.

ප්‍රමිතියෙන් තොරව ඉදිකර ඇති විදුලි වැට ඉවත් කර ඒවා ප්‍රමිතියෙන් යුක්ත ව සකස් කිරීම මෙම වැඩපිළිවෙළ සිදුකෙරෙනු ඇති බවයි.

මේ අතර, මේ වසරේ ගත වූ දින කිහිපය තු‍ළ වන අලි මරණ 12ක් පමණ සිදු ව ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසරේ වන අලි මියයාම් 470ක් පමණ වාර්තා වූ අතර, ඉන් වන අලි පනස් දෙනෙකු විදුලිසැර වැදීම් හේතුවෙන් මිය ගොස් තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here