Home උණුසුම් පුවත් විගණනයේ පුටු 400ක් හිස්

විගණනයේ පුටු 400ක් හිස්

විගණනයේ පුටු 400ක් හිස්

විගණන නිලධාරී තනතුරු 400ක පමණ පුරප්පාඩු පවතින බව විගණාකධිපති දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් විගණන සේවා සිදුකිරීම උපරිම කළමනාකරණයකින් කිරීමට සිදුව ඇති බව විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

විගණන නිලධාරී තනතුරු සඳහා සුදුස්සන් බඳවා ගැනීම කඩනිමින් සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ අනුව සුදුසුකම් ලත් දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් ඒ සඳහා අයැදුම්පත් කැඳවීමට නියමිතයි.

ඒ සඳහා ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කරන බව ද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here