Home උණුසුම් පුවත් සංචිතේ නැති නිසා රටින් ගේන්න වෙලා

සංචිතේ නැති නිසා රටින් ගේන්න වෙලා

සංචිතේ නැති නිසා රටින් ගේන්න වෙලා

රටින් සහල් ගෙනඒමට සිදුව ඇත්තේ මෙරට තුළ සහල් සංචිතයක් නොමැති වීම හේතුවෙන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සහල් සංචිතයක් පැවතියේ නම් වී මෝල්හිමියන්ට සහල් මිල තීරණය කිරීමේ හැකියාව නොපවතින බව ඔහු සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“ගිය කන්නයේ අපිට සාර්ථක අස්වැන්නක් ලැබුණත් අපිට සහල් සංචිතයක් නෑ. මම දිගින් දිගටම ඉල්ලුවා භාණ්ඩාගාරයෙනුත් ඒ වගේම බැංකුවලිනුත් වී සංචිතයක් තියාගත්තා නම් මෝල්හිමියන්ට අපිට යටත්වෙන්න ඕන නෑ. අනවශ්‍ය විදියට ඒ අය මිල වැඩිකරද්දි අපිට හාල් එළියට දාන්න තිබුණා. නමුත් අපිට මුදල් ලබාගන්න විදියක් තිබුණේ නෑ. කුඩා ප්‍රමාණයක් අපි මිලදී ගත්තේ ගොවිජන භාරකාර අරමුදලේ සල්ලිවලින්. මම කිව්වා කඩිනමින් වී විදියට හෝ සහල් විදියට වෙළෙඳපොළට එවන්න කියලා. මම හිතන්නේ නෑ ඒ ටික මේ හිඟය පියවන්න ප්‍රමාණවත් කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here