Home උණුසුම් පුවත් රටටම එකවර විදුලිය නැතිවූ හේතු හොයන්න රාජ්‍ය බුද්ධි සේවා සහයත්

රටටම එකවර විදුලිය නැතිවූ හේතු හොයන්න රාජ්‍ය බුද්ධි සේවා සහයත්

රටටම එකවර විදුලිය නැතිවූ හේතු හොයන්න රාජ්‍ය බුද්ධි සේවා සහයත්

දිවයින පුරා පසුගිය සෙනසුරාදා විදුලිය විසන්ධි වීම පිළිබඳ විමර්ශනයට රාජ්‍ය බුද්ධි සේවාව සම්බන්ධ කරගන්නා බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා බාහිර කමිටුවක් පත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

කොත්මලේ – බියගම සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයට අකුණු සැර වැදීමක් හේතුවෙන් ඉකුත් සෙනසුරාදා පස්වරු 5.10 ට පමණ දිවයින පුරා විදුලිය බිඳවැටුණි.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ, දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමේදී එය තහවුරු වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here