Home උණුසුම් පුවත් “ක්‍රිකට් ගැන රොෂාන් ගත් ඇතැම් තීරණ අනුමත කරන්න බෑ”

“ක්‍රිකට් ගැන රොෂාන් ගත් ඇතැම් තීරණ අනුමත කරන්න බෑ”

“ක්‍රිකට් ගැන රොෂාන් ගත් ඇතැම් තීරණ අනුමත කරන්න බෑ”

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ගත් ඇතැම් ක්‍රියාමාර්ග අනුමත කළ නොහැකි බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් සම්මත කිරීම පවා නොකළයුත්තක් සේ තමා දකින බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

ක්‍රිකට් ජනප්‍රිය මාතෘකාවක් වූ බැවින් විපක්ෂය ද අනවශ්‍ය ලෙස එය අතට ගත් බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුනි.

ක්‍රිකට් ප්‍රශ්නය විසදිය යුතු ආකාරයට වඩා එය වෙනත් අතට හැරුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දායාසිරි ජයසේකර මෙහිදී වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here