Home උණුසුම් පුවත් විෂ සහිත මිරිස් කන්ටේනර් 25ක් හරවා යවයි

විෂ සහිත මිරිස් කන්ටේනර් 25ක් හරවා යවයි

විෂ සහිත මිරිස් කන්ටේනර් 25ක් හරවා යවයි

පාකිස්ථානයෙන් ආනයනය කළ මිරිස් තොගයක් නැවත ප්‍රතිඅපනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අදාළ මිරිස් තොගයේ ඇෆ්ලටොක්සීන් විෂ රසායනිකය අඩංගුවීම හේතුවෙනි.

මිරිස් කන්ටේනර් 25 ක් ඒ අතර වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නිලධාරියෙකු සඳහන් කළේය.

මෙරට ව්‍යාපාරිකයින් පිරිසක් එම මිරිස් ආනයනය කර තිබූ බවද ඔහු සඳහන් කළේ ය.

මේ අතර ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආහාර පාලන ඒකකය දුරකතන අංකයක් හඳුන්වාදී තිබේ.

0112 112 718 එම අංකයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here