තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"දැන් ඉක්මන් කරන්නත් බෑ.. කල්දාන්නත් බෑ"

    “දැන් ඉක්මන් කරන්නත් බෑ.. කල්දාන්නත් බෑ”

    ලබන වසරේ පැවැත්විය යුතු ජනාධිපතිවරණය ව්‍යවස්ථා සංශෝධනයකින් හැර වෙනත් කිසිදු ආකාරයකින් කල්දැමීමේ හැකියාවක් නොමැති බව සීමානීර්ණ කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඔහු පවසන්නේ ජනාධිපතිවරණය ඉක්මන් කිරීමට හෝ ප්‍රමාද කිරීමට නොහැකි බවයි.

    ඒ අනුව නියමාකාරයෙන් 2024 සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි අතර ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවද ඔහු පැවසීය.

    එමෙන්ම මහජන නියෝජිතයින් පත්කිරීමකින් තොරව පළාත් සභාවන් නිලධාරී පාලනයක් යටතේ දිගින් දිගටම පවත්වාගෙන යාම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවද ඔහු සදහන් කළේය.

    එමෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්යෑමට සීමානිර්ණ කමිටු වාර්තාව කිසිදු බලපෑමක් සිදුකර නොමැති බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img