Home උණුසුම් පුවත් දහම් පාසල් අවසාන විභාගයට ඔන්ලයින් අයදුම්පත් කැඳවයි

දහම් පාසල් අවසාන විභාගයට ඔන්ලයින් අයදුම්පත් කැඳවයි

දහම් පාසල් අවසාන විභාගයට ඔන්ලයින් අයදුම්පත් කැඳවයි

බෞද්ධ, කතෝලික හා ඉස්ලාම් දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා මාර්ගගතව අයදුම්පත් කැඳවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ විභාග සම්බන්ධයෙන් වන නිවේදන අදාළ ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් නොවැම්බර් 3, 10 සහ 17 යන දිනවල ගැසට් පත්‍රයේ පළ කරන බවය.

මාර්ගගත අයදුම්පත් භාරගැනීම අද සිට නොවැම්බර් 20 වනදා දක්වා බෞද්ධ හා කතෝලික දහම් පාසල් සඳහා ද නොවැම්බර් 17 වන දින සිට නොවැම්බර් මස 27 වන දින දක්වා හින්දු හා ඉස්ලාම් දහම් පාසල් සඳහා ද සිදුකරන බවය.

මාර්ගගත අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පරිශීලක නාම හා මුරපද ලියාපදිංචි දහම් පාසල් ප්‍රධානීන් වෙත මේ වනවිට තැපැල් කර යවා ඇතැයි ද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

2023 අධ්‍යයන වර්ෂයට අදාළ සිසුන් සඳහා අයදුම්පත් කැඳවීම ලබන වසරේ දී සිදුකෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here