තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අවාරේ ශ්‍රීපාද සංචාරේ යන අයට පණිවිඩයක්

    අවාරේ ශ්‍රීපාද සංචාරේ යන අයට පණිවිඩයක්

    ශ්‍රිපාදස්ථානයට අවාරයේ සංචාරය කරන්නන් සඳහා රත්නපුර ශ්‍රි පාද මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය විවෘත කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    රත්නපුර ශ්‍රිපාද මාර්ගයේ පවනැල්ල පොලිස් මුරපොළ පැවති ස්ථානයේ බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුවක් ස්ථාපත කර ඇති අතර, නල්ලතන්නි බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුව නල්ලතන්නි අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාපිත කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අදාළ බලපත්‍ර කවුළු දිනපතා සවස 06 සිට පසුදින උදෑසන 10 තෙක් විවෘත බව සඳහන්ය.

    රක්ෂිතයට ඇතුළු වන සංචාරකයන්ගේ චර්යාවන් පිළිබද වනජීවි නිලධාරීන් නිරන්තර සෝදිසියෙන් සිටින අතර, අවාරයේ දී කුරුවිට, දෙහෙනකන්ද, මාරිගොඩ යන මාර්ග වසා තැබෙන බැවින් එම මාර්ගවලින් රක්ෂිතයට ඇතුළු වීම තහනම් බව ද වාර්තා වේ.

    බලපත්‍ර නොමැති ව ශ්‍රිපාද රක්ෂිතයට ඇතුළු වන සංචාරකයන්ට එරෙහි ව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක අඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img