Home උණුසුම් පුවත් සමනලවැවේ ජල කාන්දු වහන්න බාධා

සමනලවැවේ ජල කාන්දු වහන්න බාධා

සමනලවැවේ ජල කාන්දු වහන්න බාධා

සමනලවැව ජලාශයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් එහි ජල කාන්දු ස්ථාන වසා දැමීමට බාධා මතු වී තිබේ.

ඒ වර්ෂාව හේතුවෙන් ජලාශයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙනි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, මේ වන විට එහි ජල මට්ටම සමස්ථ ධාරිතාවෙන් 10%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය කාලයේ වියළි කාලගුණයත් සමග ජලාශයේ ජල මට්ටම 0.9% ක් දක්වා පහළ ගියේ ය.

එම අවස්ථාවේ විදුලි ඉංජිනේරුවන් ජලාශයේ ජලය කාන්දුවන ස්ථාන 09 ක් සොයාගත්තේ ය.

ඒවා කඩිනමින් පිළිසකර කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණ ද, ජල මට්ටම ඉහළ යාමත් සමග මේ වන විට ඊට බාධා එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here