Home උණුසුම් පුවත් මන්ත්‍රීවරයෙක් තනතුර අතහරින්න සූදානම්

මන්ත්‍රීවරයෙක් තනතුර අතහරින්න සූදානම්

මන්ත්‍රීවරයෙක් තනතුර අතහරින්න සූදානම්

වලව ගොවින්ගේ ජල ගැටලුව සඳහා නිසි විසඳුමක් නොලබුණහොත් ඉදිරියේදි තමන් දේශපාලන තීන්දුවක් ගන්නා බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ ජනතා ගැටලු විසඳීමට ආණ්ඩුව මැදිහත් නොවන්නේ නම් ජනතාව වෙනුවෙන් සියලු තනතුරු අත්හැර දැමීමට තමන් සූදානම් බවයි.

වයඹ කළාපයේ ජල ගැටළුව විසදීමට ආණ්ඩුව වහාම මැදිහත් විය යුතු බව නියෝජ්‍ය කතානායකවරයා පැවසීය.

උඩවලව ජලාශය සහ චන්ද්‍රිකා වැවෙන් ජලය නොලැබීම නිසා මොණරාගල, හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල ගොවි පවුල් 40,000 ක් පමණ අසරණවී ඇත.

කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇතැම් අමාත්‍යවරුන්ගෙන් එම ගැටළුව විසදීමට ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නොමැති බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here