Home උණුසුම් පුවත් ඖෂධ ගැටලු ගැන බලන්න විශේෂඥ කමිටුවක්

ඖෂධ ගැටලු ගැන බලන්න විශේෂඥ කමිටුවක්

ඖෂධ ගැටලු ගැන බලන්න විශේෂඥ කමිටුවක්

ඖෂධවල ප්‍රමිතිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට අපේක්ෂා කරන බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඖෂධ පිළිබඳව විවිධ පාර්ශ්ව ඉදිරිපත් කරන චෝදනා ඇතුළු කරුණු සම්බන්ධයෙන් කඩිනමින් සොයාබැලීම සඳහා ස්වාධීන විශේෂඥ විද්වත් කමිටුවක් පත්කිරීමට ද තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, එම කමිටුව විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත බවයි.

යම් ඖෂධයක් හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ දෙයක් සම්බන්ධයෙන් ඉදිරිපත්වන ගැටලු පිළිබඳව නව කමිටුව මගින් ස්වාධීන විමර්ශනයක් සිදුකර කඩිනම් පියවර ගැනීමට නිර්දේශ ඉදිරිපත් කරනු ඇත.

ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගත යුතු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here