Home උණුසුම් පුවත් කෝච්චි දිව්වට ගිය වසරේ අලාභය කෝටි 1200ක්

කෝච්චි දිව්වට ගිය වසරේ අලාභය කෝටි 1200ක්

කෝච්චි දිව්වට ගිය වසරේ අලාභය කෝටි 1200ක්
SONY DSC

දුම්රිය දෙපාර්තමේන්තුව 2022 වසරේ දී රුපියල් කෝටි 1240ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව ඉකුත් 2021 වසරේදී වාර්තා කළ මෙහෙයුම් අලාභය රුපියල් කෝටි 1030ක් වූ අතර 2022 වසරේ දී එම අලාභය රුපියල් කෝටි 210 කින් ඉහළ යාම විශේෂත්වයකි.

දුම්රිය දෙපාර්තමේන්තුව 2022 වසරේ ආදායම රුපියල් කෝටි 1110ක් වූ අතර එය 2021 වසරේ ආදායමට සාපේක්ෂව රුපියල් කෝටි 840කින් ඉහළ යෑමකි.

ඉන්ධන මිල ගණන් ඉහළ යෑම සහ පුනරාවර්තන වියදම් සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් 2022 වසරේ දී දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත වියදම රුපියල් කොටි 4250ක් ලෙස සටහන්ව තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here