Home උණුසුම් පුවත් ෂෙඩ් ළඟ පෝලිම්- හෙට අනිද්දා බෙදාහැරිම් අනිවාර්යයි

ෂෙඩ් ළඟ පෝලිම්- හෙට අනිද්දා බෙදාහැරිම් අනිවාර්යයි

ෂෙඩ් ළඟ පෝලිම්- හෙට අනිද්දා බෙදාහැරිම් අනිවාර්යයි

හෙට (03) සහ අනිද්දා (04) දිනවල ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් තොග සැපයීම සඳහා උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

අතිකාල වියදම් අඩු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කටයුතු පසුගිය මාස 4 කාලය තුළ ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල ක්‍රියාත්මක නොවූ බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

මිල අඩුවීමක් අපේක්ෂාවෙන් පසුගිය සෙනසුරාදා සිට පිරවුම්හල් මගින් ඇණවුම් ලබා නොදීම, අවම තොග පවත්වා නොගැනීම සහ මිල සංශෝධන මෙන්ම කෝටා වැඩි කිරීමෙන් පසු පාරිභෝගිකයන්ගේ ක්ෂණික ඉල්ලුම වැඩිවීම තුළින් ඉන්ධන හිඟයක් නිර්මාණය වීමට හේතු වූ බවයි අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන්ය.

මේ නිසා අද ඉන්ධනහල් අසළ දිගු පෝලිම් දකින්නට ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here