Home උණුසුම් පුවත් ලංගම බස් ටිකට් එක QR ක්‍රමයට

ලංගම බස් ටිකට් එක QR ක්‍රමයට

ලංගම බස් ටිකට් එක QR ක්‍රමයට

ඉදිරි මාස දෙක ඇතුළතදී සියලුම ලංගම බස් රථ මගින් QR ක්‍රමවේදය යටතේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එම ක්‍රමවේදය යටතේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මගින් ලංගම ආදායම ඉහළ නංවා ගැනීමටත්, ආදායම කළමණාකරණය කර ගැනීමටත් හැකිවනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ලැබෙන ආදායම නිසි ලෙස කළමනාකරණය කර ගන්නේ නම් ලංකාවේ තිබෙන කිසිදු ඩිපෝවක් පාඩු නොමැතිව පවත්වාගෙන යාමට හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here