Home උණුසුම් පුවත් ශ්‍රවණාබාධිත ඡන්දදායකයන් වෙනුවෙන් මැතිවරණ නිලධාරීන්ට සංඥා භාෂාව

ශ්‍රවණාබාධිත ඡන්දදායකයන් වෙනුවෙන් මැතිවරණ නිලධාරීන්ට සංඥා භාෂාව

ශ්‍රවණාබාධිත ඡන්දදායකයන් වෙනුවෙන් මැතිවරණ නිලධාරීන්ට සංඥා භාෂාව

ශ්‍රවණාබාධිත ඡන්දදායකයන්ට ඡන්ද පොළේදී සංඥා භාෂාවෙන් මූලික උපදෙස් ලබා ලබාදීමට හැකිවන පරිදි මැතිවරණ නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් මැතිවරණ කොමිෂන් සභාව ආරම්භ කර තිබේ.

සංඥා භාෂාවෙන් ඡන්දදායකයන්ට මූලික උපදෙස් ලබාදීමේ හැකියාව ඇති නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් ඉකුත් දා ක්‍රියාත්මක කළ බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා කීය.

ශ්‍රවණාබාධිත ඡන්දදායකයන් ලක්ෂ 6ක් පමණ සිටින අතර ඔවුන්ට ඉදිරි මැතිවරණ වලදී සංඥා භාෂාවෙන් අවශ්‍ය මූලික උපදෙස් ලබා දීමට මෙමගින් හැකියාව ලැබෙන බව ද පුංචිහේවා මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here