Home උණුසුම් පුවත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ තවත් අදියරක් අනිද්දා

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ තවත් අදියරක් අනිද්දා

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ තවත් අදියරක් අනිද්දා

අ.පො.ස උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීමේ තවත් අදියරක් ලබන 19 වැනි දා ආරම්භ වේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, ආර්ථික විද්‍යාව, කෘෂි විද්‍යාව, බෞද්ධ ශිෂ්ඨාචාරය ඇතුළු සිසුන් වැඩි පිරිසක් හදාරන විෂයන්වල පිළිතුරු පත් මෙම අදියරේදී පරීක්ෂා කරන බවයි.

ඒ සඳහා පිහිටුවන මධ්‍යස්ථාන සංඛ්‍යාව 32 කි.

මේ වනවිට උසස් පෙළ විභාගයේ විෂයන් දෙකක පිළිතුරු පත් ඇගයීම් අවසන් කර ඇති අතර තවත් විෂයන් 6 පිළිතුරු පත් ඇගයීම මේ දිනවල සිදු කෙරේ.

විද්‍යා විෂයන්ට අදාළ පිළිතුරු පත් ඇගයීම ද කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හා ගුරුවරුන් ඇගයීම් සඳහා අයැදුම් නොකිරීම හේතුවෙන් උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම් ආරම්භ කිරීම මාස දෙකහමාරකට අධික කාලයක් ප්‍රමාද විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here