Home උණුසුම් පුවත් ඩෙංගු අධි අවදානම් කලාප ගණන 3 ගුණයකින් ඉහළට

ඩෙංගු අධි අවදානම් කලාප ගණන 3 ගුණයකින් ඉහළට

ඩෙංගු අධි අවදානම් කලාප ගණන 3 ගුණයකින් ඉහළට

රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 59ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත.

මෙතෙක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබුණේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 19ක් පමණකි.

රට පුරා ඩෙංගු උණ රෝගය සීග්‍රයෙන් පැතිර යන බැවින් අධි අවදානම් කලාප සංඛ්‍යාව ඉහළ ගිය බව ද ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරයි.

වාද්දුව, උඩුනුවර, වත්තේගම, අකුරැස්ස, වලස්මුල්ල, පුත්තලම, බදුල්ල කුරුවිට කෑගල්ල ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ඩෙංගු උණ රෝගීන් බහුලව හමුවන බව ද එම වැඩසටහන කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here