Home උණුසුම් පුවත් විදුලි කෙටුම්පත අවසන් අදියරේ

විදුලි කෙටුම්පත අවසන් අදියරේ

විදුලි කෙටුම්පත අවසන් අදියරේ

නව විදුලිබල පනතේ අවසන් කෙටුම්පත මේ මස අවසානයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ මේවනවිට නව විදුලිබල පනත කෙටුම්පත් කිරීම අවසන් අදියරේ පවතින බවයි.

අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් පවසන්නේ අදාළ පනත කෙටුම්පත් කිරීමෙන් අනතුරුව එහි පිටපත් පාර්ශවකරුවන්, සංවර්ධන නියෝජිතයින් සහ ප්‍රතිව්‍යුහගතකරණ විශේෂඥයින් අතට පත්කිරීමට පියවර ගන්නා බවය.

අනතුරුව ඒ පිළිබඳ ඔවුන්ගේ නීරීක්ෂණ හා නිර්දේශ ලබාගැනීමට අපේක්ෂා කරන බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here