Home උණුසුම් පුවත් පාසල් පෙළපොත් හිඟය ලබන මාසයේදී අවසන්

පාසල් පෙළපොත් හිඟය ලබන මාසයේදී අවසන්

පාසල් පෙළපොත් හිඟය ලබන මාසයේදී අවසන්

මේ වනවිට හිඟව පවතින සියලු පෙළපොත් ලබන මාසය අවසානයට පෙර, පාසල්වලට ලබාදීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට මුද්‍රණය අවසන් කළ පෙළ පොත් පාසල්වලට බෙදා හරිමින් ඇති බවය.

බස්නාහිර පළාතේ පාසල් සඳහා දෙපාර්තමේන්තුව හරහා සෘජුවම පොත් බෙදා හරිනු ඇති.

පාසල් සිසුන්ගේ විෂයන්ට අදාළ විවිධ ශ්‍රේණිවල හිඟව පවතින වැඩපොත් ද එලෙස බෙදා හරින පොත් අතරට ඇතුළත් ය.

මෙවර පෙළ පොත් මිලියන 33 ක් මුද්‍රණය කර ඇති අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 16000 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here