Home උණුසුම් පුවත් ජීවිතාරක්ෂක ඖෂධවල කිසිදු හිඟයක් නෑ

ජීවිතාරක්ෂක ඖෂධවල කිසිදු හිඟයක් නෑ

ජීවිතාරක්ෂක ඖෂධවල කිසිදු හිඟයක් නෑ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 119ක හිඟයක් පවතින අතර එය ඉකුත් මාසවල පැවති ඖෂධ හිඟයට සාපේක්ෂව යහපත් තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා කීය.

රෝහල්වල සාමාන්‍යයෙන් ඖෂධ වර්ග 383ක් පමණ භාවිතා කරන අතර ඉන් ඖෂධ වර්ග 25ක ප්‍රමාණයක් මේ වනවිට හිඟව තිබෙන බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමන් රත්නායක මහතා කීය.

රටපුරා සියලුම රෝහල්වල ඖෂධ වර්ග 1347ක් භාවිත කරන අතර ඉන් ඖෂධ වර්ග 14ක් ජීවිතාරක්ෂක ඖෂධ බවද පැවසූ රත්නායක මහතා එම ජීවිතාරක්ෂක ඖෂධවල කිසිදු හිඟයක් මේ වන විට නැතැයිද කීවේය.

මේ වසරේ ඖෂධ ගෙන්වීම සඳහා රුපියල් කෝටි 115ක මුදලක් වෙන්කර තිබෙන බවද සමන් රත්නායක මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here