
ප්ලාස්ටික් හා ප්ලාස්ටික් මිශ්‍ර බීම බට, මල් මාලා, යෝගට් හැදි ඉඳිආප්ප වට්ටි ඇතුළු ප්ලාස්ටික් නිෂ්පාදන කීපයක් ජුනි මස පළමුවැනි දින සිට තහනම් කිරීමට රජය පියවර තිබේ.
එම ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට ප්‍රතිචක්‍රීකරණය කළ හැකි පරිසර හිතකාමී එවැනි භාණ්ඩ ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහාත් පරිසරය ආරක්ෂා කර ගැනීමටත් මෙම පියවර ගත් බවද පරිසර අමාත්‍යාංශය සදහන් කරයි.
මේ වන විට ප්ලාස්ටික් යෝගට් හැදි මාසයකට ලක්ෂ 300ක් පමණ ප්‍රමාණයක් භාවිතා කර පරිසරයට මුදා හරින බව ද ඉන් පරිසරයට විශාල හානියක් සිදුවන බවද පරිසර අමාත්‍යාංශය කියයි.
මේ අතර මෙරට වෙළඳපොළේ කඩදාසිවලින් නිෂ්පාදිත යෝගට් හැදි විකිණීමට තිබෙන හෙයින් තවදුරටත් ප්ලාස්ටිකි යෝගට් හැඳි භාවිත කිරීමට අවශ්‍ය නොවන බව ද එම අමාත්‍යාංශය කියයි.
එම කඩදාසි යෝගට් හැදි සඳහා ISO සම්මාන හිමි වී තිබෙන අතර ප්රතිචක්රියකරණය කර හැකි නිසා පරිසරයට හානියක් නොවන බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
ඉදිරියේදී කඩදාසි යෝගට් කප් වෙළඳපොළට හඳුන්වා දීමෙන් අනතුරුව ප්ලාස්ටික් යෝගට් කෝප්ප භාවිතය අවසන් කරන බව ද පරිසර අමාත්‍යාංශය කියයි.