Home උණුසුම් පුවත් තවත් බිත්තර නැවක් ඇවිත්

තවත් බිත්තර නැවක් ඇවිත්

තවත් බිත්තර නැවක් ඇවිත්

තවත් බිත්තර මිලියනයක් රැගත් නෞකාවක් ඉන්දියාවේ සිට ඊයේ(20) රාත්‍රි කොළඹ වාරයට ළඟා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සාම්පල අද(21) දිනයේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගනු ඇති බව එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

මේ වනවිට මෙරටට ඉන්දියාවෙන් බිත්තර මිලියන 05 ක ප්‍රමාණයක් ආනයනය කර ඇති බවද ඔහු කියයි.

මේ අතර , පසුගිය 15 වැනිදා දිවයිනට ළඟා වූ බිත්තර තොගයේ සාම්පල ඊයේ දිනයේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන ඇති අතර එහි වාර්තා තවත් දින 4කින් ලැබීමට නියමිත බවයි.

එම බිත්තර රුපියල් 35ක මිලකට මහා පරිමාණ බේකරි හිමියන්ට හා හෝටල් හිමියන්ට අඛණ්ඩව නිකුත් කරන බවද ඔහු කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here