Home උණුසුම් පුවත් රස්නෙ වැඩි නිසා වතුර ඉල්ලුමත් වැඩිවෙලා

රස්නෙ වැඩි නිසා වතුර ඉල්ලුමත් වැඩිවෙලා

රස්නෙ වැඩි නිසා වතුර ඉල්ලුමත් වැඩිවෙලා

අධික උෂ්ණත්වය සහිත කාලගුණය හේතුවෙන් ජනතාවගේ දෛනික ජල පරිභෝජනය 10%කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එන්. යූ. කේ. රණතුංග පැවසුවේ ජනතාව හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් ජලය භාවිතා කළ යුතු බවයි.

ආයතනයක් ලෙස මෙම තත්ත්වය ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය කලමණාකරණය කරමින් පවතින බව ද ඔහු සඳහන් කළේය.

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම මඟින් දීර්ඝකාලීනව ගැටලුවකින් තොරව ජලය ලබා දිය හැකි බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here