Home උණුසුම් පුවත් වරායේ බිත්තර හිරවෙයි

වරායේ බිත්තර හිරවෙයි

වරායේ බිත්තර හිරවෙයි

කොළඹ වරායට රැගෙන ආ ඉන්දියානු බිත්තර තොගය නිදහස් කිරීමට මෙතෙක් නොහැකි වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

අවශ්‍ය කරනු ලබන සෞඛ්‍ය සහතික නොලැබීමෙන් මෙම ගැටලුව මතුව තිබේ.

උත්සව සමයේ බේකරි හා මහා පරිමාණ හෝටල් සඳහා රුපියල් 35 බැගින් අලෙවි කිරීමට බිත්තර මිලියනක තොගයක් මෙරටට ගෙන එනු ලැබුවේ පසුගිය සෙනසුරාදායි.

එහි සාම්පල පසුගිය ඉරිදා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා ගත්ත ද මෙතෙක් එහි ප්‍රතිඵල නිකුත් කර නොමැති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව කියයි.

මෙවැනි තත්ත්වයක් යටතේ අලුත් අවුරුද්දට පෙර එම බිත්තර තොගය බේකරි හා හෝටල් හිමියන්ට බෙදාදීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here