
චීනයෙන් රේල් පීලි 10,000 ක් ආනයනය කිරීමට තීරණය කර තිබේ.
ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ, ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ මෙම රේල් පීලි ආනයනය කරන බවයි.
ලබන මස අග එම රේල් පීලි තොගය මෙරටට ලැබෙනු ඇති බවය.
මේ අතර දුම්රිය මාර්ග නඩත්තුවට අවශ්‍ය ඇණ ඇතුළු අමතර කොටස් රැසක් දිවයිනට ආනයනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
පීලි තොගය හා අමතර කොටස් ලැබීමත් සමග දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ආරම්භ කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මාර්ග අබලන් වීම හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවන වේගය බොහෝ ස්ථානවල අඩු කර ඇති අතර ඉන් දැඩි බලපෑමක් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට එල්ල වී තිබේ.
මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට පානදුර දක්වා දුම්රිය ධාවන වේගය පැයට කිලෝමීටර් 30 ක් දක්වා අඩු කිරීමට පසුගිය දා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.