Home උණුසුම් පුවත් දැඩි නීති එක්ක පලිබෝධ පනත ආයෙත්

දැඩි නීති එක්ක පලිබෝධ පනත ආයෙත්

දැඩි නීති එක්ක පලිබෝධ පනත ආයෙත්
farmer spraying pesticide in the rice field

දැනට ක්‍රියාත්මක පලිබෝධ නාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.

රට තුළ ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල් නාශක අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව දැනට පවතින නීති යටතේ ප්‍රමිතියෙන් තොර පළිබෝධ නාශක හා වල්නාශක අලෙවි කිරීම මෙන්ම නීතිවිරෝධි ලෙස ආනයන කරන පුද්ගලයන්ට එරෙහිව පනවනු ලබන දඩමුදල් හා දඩුවම් එම ජාවාරම්කරුවන්ට බලපෑමක් එල්ල කිරීමට තරම් ප්‍රමාණවත් නොමැති බවයි.

එබැවින් පලිබෝධ නාශක පාලන පනත වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

පළිබෝධ නාශක පාලන පනත සංශෝධනය කර නීති විරෝධී ලෙස ප්‍රමිතියෙන් තොර වල්නාශක හා පළිබෝධ නාශක මෙරටට ගෙන්වන පුද්ගලයින්ට අවම වශයෙන් රුපියල් ලක්ෂ 15ක වන්දියක් හා අවූරුදු තුනක සිර දඩුවම් හෝ ඒ දෙකම ලැබෙන පරිදි අදාළ පනත සංශෝධනය කළයුතු බවට කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම පලිබෝධ නාශක හා වල් නාශක වගාවන් සඳහා භාවිතා කිරීමේ දී ඒවායේ මිල ගණන් ඉහළ යාම ගොවි ජනතාවට දරා ගත නොහැකි බැවින් ග්‍රෑම් 20 පැකට් වශයෙන් ඒවා වෙළෙදපලට නිකුත් කිරීමට අවසර ලබා දීමට ද තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here