Home උණුසුම් පුවත් සාපෙළ විභාගයට වෙන දේ..

සාපෙළ විභාගයට වෙන දේ..

සාපෙළ විභාගයට වෙන දේ..

මැයි මස 15 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය විභාගය සති දෙකකින් කල්දමා තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ ඒ අනුව 2023 අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වනදා ආරම්භ කෙරෙන බවයි.

පසුගියදා පැවැති උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීමට මේ දක්වා නොහැකි වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමූ බව පැවසේ.

බදු අයකිරීම සම්බන්ධයෙන් ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උත්තර පත්‍ර පරීක්ෂාව මගහැර සිටින අතර ගුරුවරුන් උත්තර පත්‍ර පරික්ෂාව සඳහා කැමැත්ත පළකර තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත මණ්ඩල විසින් ලකුණු ලබාදීමේ පටිපාටිය සකස් කරන තෙක් උත්තර පත්‍ර පරික්ෂාව ආරම්භකිරීමට හැකියාවක් නොමැති බව බලධාරීන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here