Home උණුසුම් පුවත් ගොවීන්ට දැනුම්දීමක්

ගොවීන්ට දැනුම්දීමක්

ගොවීන්ට දැනුම්දීමක්

වී ගොවිතැනට අවශ්‍ය TSP පොහොර හෙවත් මඩ පොහොර ලබා නොගත් ‌සියලුම ගොවීන් අප්‍රේල් මස 10 වනදාට පෙර ඒවා ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.

අමාත්‍යවරයා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන්නේ එම දිනයෙන් පසුව ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඇති TSP පොහොර තොග යළි ප්‍රධාන ගබඩාවලට කැඳවීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර පොහොර බෙදාහැරීමේ ප්‍රගතිය පිළිබඳව රජයට අයත් පොහොර සමාගම් දෙකෙන් හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අද (6) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විමසා තිබේ.

එහිදී අණාවරණයවී ඇත්තේ මේ වනවිට TSP පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදා හැර අවසන් කර ඇති බවයි.

ඒ අනුව ඊයේ (05) දිනය අවසන් වනවිට ගොවීන් 677,139 දෙනෙක් අතර එම පොහොර මෙට්‍රික් ටොන් 22,644ක් බෙදා හැර ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here