Home උණුසුම් පුවත් විරෝධය විසුරුවයි

විරෝධය විසුරුවයි

විරෝධය විසුරුවයි

හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සියලුම සිසුන්ට විවෘත කරන ලෙස බල කරමින් සහ එම විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ඊයේ එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයට විරෝධය පළ කරමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා කඩාවැදී සිදු කළ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය පියවර ගත්තේ ය.

අධ්‍යායාපන අමාත්‍යංශය පිහිටි ඉසුරුපායේ තුන්වැනි මහලේ අධ්‍යාපන අමාත්‍ය වරයාගේ නිල කාමරය අසල එම පිරිස් පැය දෙකක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ අතර පොලීසිය ස්වල්ප වේලාවකට පෙර උන් විසුරුවා හැරීමට පියවර ගත් බවද වාර්තා වේ.

මේ අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ ශිෂ්‍ය නායකයින් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් බවට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here