Home උණුසුම් පුවත් බිත්තරෙත් ඉන්දියාවෙන්

බිත්තරෙත් ඉන්දියාවෙන්

බිත්තරෙත් ඉන්දියාවෙන්

‍ලබන සතියේදී ඉන්දියාවෙන් බිත්තර මිලියන දෙකක් ආනයනය කෙරෙන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව කියයි.

ඊට අදාළ මාර්ගෝපදේශ රජයේ පශු සම්පත් අංශ විසින් ලබාදී තිබෙන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී චමිලා ඉද්දමල්ගොඩ මහත්මිය පැවසුවාය.

මේවනවිට රටතුළ උග්‍ර බිත්තර හිඟයක් පවතී.

මෙලෙස ආනයනය කෙරෙන බිත්තර බේකරි කර්මාන්තය සදහා යොදාගැනීමට නියමිතය.

ළඟ එන අවුරුදු සමයේ දී ද මෙම හිඟය පවතිනු ඇද්ද යන්න ගැන තවමත් නිශ්චිත අදහසක් ඉදිරිපත් වී නැත.

ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම ඔස්සේ වෙළඳපොළ පවතින බිත්තර හිඟය පියවීම රජයේ අපේක්ෂාව වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here