
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි මහතා ඔහු සේවය කරන රුහුණු විශ්ව විද්‍යාලයේ දීම ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට බරපතළ සැකයක් මතු වන්නේ යැයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති නදීෂ් ද සිල්වා මහතා පැවසීය.
රොහාන් ලක්සිරි මහතා රුහුණ විශ්ව විද්‍යාලයේ ඔහුගේ කාමරයට ඉකුත් 6 වැනිදින ගිය අවස්ථාවේදී ඉවසිය නොහැකි තරමේ රසායනික ගඳක් වහනය වී ඇතැයි ද ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවක් හටගෙන තිබූ බවද නදීෂ් ද සිල්වා මහතා කීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයාට දැනුම් දී මාතර පොලිසියේ පැමිණිල්ලක් කර තිබෙන බවද ඔහු පැවසීය.
උපකුලපතිවරයාට සිද්ධිය දැනුම් දුන් පසුව, ඔහු වහා ක්‍රියාත්මක වී, රොහාන් ලක්සිරි මහතාගේ කාමරය සෝදා, විෂබීජහරණය කොට තිබෙන බවද පරීක්ෂණ සිදු කිරීමට පෙර, එවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම සැක සහිත බව ද නදීෂ් ද සිල්වා මහතා කීය.
මේ අතර මාතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගෙන ඇතත් ඉන් ඉදිරියට කිසිදු පරීක්ෂණයක් නොකරන බවද ඒ පිළිබඳව විශ්වවිද්‍යාල විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය බලවත් විරෝධය පළ කරන බව ද ඔහු සඳහන් කළේය.