
උපාධිධාරී ගුරුවරුන් බදවා ගැනීමේ තරග විභාගයට රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගය සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ පන්ති සඳහා විශාල ගුරු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින හෙයින් ඒවා සම්පූර්ණ කිරීමට මෙම පියවර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.