Home උණුසුම් පුවත් උසස්පෙළ උත්තර පත්‍ර බැලීමේ ගෙවීම් ඉහළ නැංවීමට පියවර

උසස්පෙළ උත්තර පත්‍ර බැලීමේ ගෙවීම් ඉහළ නැංවීමට පියවර

උසස්පෙළ උත්තර පත්‍ර බැලීමේ ගෙවීම් ඉහළ නැංවීමට පියවර

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් කරන ගෙවීම් ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

ඒ පිළිබඳ මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එම ගෙවීම් ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය අනුමැතියක් ලබා දි තිබේ.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡා කර එම ගෙවීම් සිදු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

විභාග ප්‍රතිඵල පමා වුවහොත් ඉන් මෙම විභාගයට පෙනී සිටින 3,29,000ක් පමණ වන දරුවන්ගේ ජීවිතවලට වන බලපෑම ගැන සිතා මෙම පියවර ගත් බව ද ඇමතිවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here